GuidePedia

2
පොලිසියෙ වැඩේ ගෙදර ඉඳන් කරල  ඔනෙමනම් හොරාව කන්ටැක්ට් පාරක් දාල  ගෙදරටම භාන්ඩෙ ගෙන්න ගන්න පුළුවන්.  දැනටමත් ඉතිං හුඟ දෙනෙක් දන්නව ඇති. කමක් නෑ නොදන්න උන් ටික දැනගත්තාවෙකො නේද?

සොෆ්ට්වෙයා එකේ නම තමයි PREY.‍ ඔක්කොටම කලින් අපි බාගෙන ඉමුකො. ආහ් කියන්න අමතක උණා. මේක බරගානක් වෙනව.  $00.00 :D

පළමු ලින්ක් එකෙන් ගියාම PREY නොමිලේ ඔබේ ඩිවයිස් එකට භාගන්න අවශ්‍ය ලින්ක් එකත්, ‍PREY නිවැරදිව උපාංගයේ පිහිටුවා ගන්න කියාදෙන වීඩියෝ එකට ලින්ක් එකත් දැකගන්න පුළුවන්.දෙවැනි ලින්ක් එකේ  ඩිවයිස් එකට ගැලපෙන මෘදුකාංගය තෝරා ගන්න පුළුවන්. කැමති ලින්ක් එකකින් භාගන්න.


 ඉන්සටෝල් කර ගැනීම, ඇක්ටිව් කර ගැනීම හා මෘදුකාංගය ක්‍රියාකරවීම ගැන තොරතුරු අතුලත් වීඩියෝ එක කලින් දාපු පළවෙනි ලින්ක් එකෙන් බලන්නත් පුළුවන්. එහෙම නැත්තන් පහළින් දාල තියෙන වීඩියෝ එකෙනුත් ඒ තොරතුරු  බලාගන්න ඔබට පුළුවන්.

එහෙනම් මේකෙ තියෙන ඔප්ෂන්ස් ගැන පුංචි හැඳින්වීමක් මම කරන්නම්
  • Geo – මේක තමයි වැදගත්ම එක. ඩිවයිස් එකේ තියෙන GPS මඟින් සහ ළඟම ඇති Wi-Fi සර්වරය සමඟ සම්බන්ධ වී  ඔයාගේ ලැප් එක හෝ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක නැති උන වෙලේ සිට යන එන තැන් සියල්ලක්ම ඔබට රිපෝර්ට් වෙනව.
  • Network – මෙමඟින් සොරාගත් පුද්ගලයා විසින් භාවිතා කරනු ලබන අන්තර්ජාල සමබඳතා, IP ලිපිනයන්, සහ එම ඩිවයිස් එක මඟින් සම්බන්ධ වන Wi-Fi Access points වල  විස්තර ලබාදෙනව.
  • Session – මෙයත් වැදගත්. මෙමඟින් සොරාගත් උපකරණයෙන් විවිධ කාල වලදී ලබාගන්නා Screen Shots, උපකරණයේ වෙනස් කරන ලද දත්ත වල තොරතුරු සහ එම උපකරණයේ Run වෙන Programs මොනවද යන්න දැනගත හැකිය.
  • WebCam – හා…හා… මේ තියෙන්නෙ භාණ්ඩෙ.දැං පේන බලන්න යන්න ඕනවෙන්නෙ නෑ.මෙමඟින් ‍උපාංගය කියාත්මක කරනු ලබන අවස්‍ථාවේ සිට විටින් විට වෙබ් කැම් එක ආධාරයෙන් ස්වයංක්‍රීයව ඡායාරූප ගෙන එම ඡායරූප අප වෙත එවයි. ( උස්සපු එකා කට ඇරං දිව හපං ලැප් එකේ එව්ව මෙව්ව කොරන ෆොටෝස්  ගොඩාක් එයි :p)

මීට අමතරව තවත් වැදගත් ඔප්ෂන්ස් කීපයකුත් තියෙනව. ඒ තමයි
  • Alarm – හොරාට වැසිකිළී අවශ්‍යතාවය ඇතිවෙන විදියෙ වැඩක් තම මේක. විනාඩි 10න් 10ට පොලිස් සයිරන් එකක් වදිනව. හිහි සැප කනේ.ඔබට සොරා ළඟපාතක සිටීනම් සොරකම් කර විනාඩි 10ක් අතුලතදිම සොරාව අල්ලා ගැනීමට පුළුවන්.
  • Alert – මෙහිදී තමන්ට කැමති ඇලර්ට් එකක් මෙහි දැමීමෙන් විනාඩි 10න් 10ට සොරාගත් උපකරණයේ එය දිස්වෙනව. මේ ඇලර්ට් මැසේජ් එක කැමතිනං දාගන්ඩ
    “අනේ හොරෝ,හොරා වගේ මගේ ලැප් එක අරගත්ත නේද? දෙන්නයි කිව්වෙ ඒක. :p”
    (සැ.යු :  දැං ඉන්න හොරු සමහරවිට මේ සොෆ්ට්වෙයා එක ගැන දන්න නිසා ‍මේ සයිරන් එක වදිද්දි  සහ මේ ඇලර්ට් එක එද්දි  මෙම සො‍ෆ්ට්වෙයා එක පරිගණකයේ ඉන්ස්ටෝල් කර තිබෙන බව දැනගන්න පුළුවන්. ඒක අපිට විශාල අවාසියක් ‍වෙන්නේ ඔහු සිස්ටම් නැවත දැම්මොත් ඉන්පසු අපට තොරතුරු ලබාගැනීමට නොහැකි වෙන හිංද )
  • Lock – මෙමඟින් පරිඝණකය ලොක් කර දැමීමට පුළුවන්
  • Secure- මේක නම් ඉතාමත් වැදගත්. මෙමඟින් තම පරිඝණකයේ තිබෙන පුද්ගලික තොරතුරු, විශේෂයෙන්ම ඊමේල් ගිණූම්, වෙබ් බ්‍රව්සර් මතකයන් සොරකම් කළ පුද්ගලයා අතට යෑමට නොදී වලක්වාගත හැකියි.
මෙම මෘදුකාංගය උපයෝගී කරගත් අවස්ථාවක් නරඹන්න


 හොඳයි එහෙනම් මේක කට්ටියට වැදගත් කියල හිතෙනවනම් ලයික් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...^_^







Next
Newer Post
Previous
This is the last post.

Post a Comment

  1. man meka da gaththa,thanks.mata theren na meka wada kara hati.ape lap eka nathi unamada api missing kiyana eka on karanna one.

    ReplyDelete
  2. Ťђἷʀᾄᾗʛᾄ Ķᾄvἷṩђᾄᾗ (Admin)9/09/2014 09:59:00 PM

    ඔව්
    thanks for your comment

    ReplyDelete

 
Top