GuidePedia

0
 
ඇන්ඩ්‍රොයිඩ් භාවිතා වන ජංගම දුරකථන හෝ ටැබ්ලට් පරිගණක වල Sound Quality එක ඔබට අවශ්‍ය ආකාරයට පාලනය කර ගැනීමට මෙන්ම Volume එක වැඩි කර ගැනීමට භාවිතා කළ හැකි ඇප්ස් ගණනාවක්ම ගූගල් ප්ලේ ස්ටෝ එකේ තිබෙනවා. නමුත් ඒ අතරින් වඩාත්ම ඵළදායී ඇප්ස් 5ක් තමයි මේ. Equalizers, Bass Boosters, Reverb හා Virualizers වැනි පහසුකම් ගණනාවක් මේ ඇප්ස් වල අන්තර්ගත වනවා.
1. Musikk Volume EQ
Musikk Volume EQ යනු volume slider එකක්, music stereo led VU meter එකක් හා five band Equalizer එකක් සහිත ආකර්ෂණීය ඇප් එකක්. තවද මෙහි Bass Boost සහ Virtualizer effects අන්තර්ගතයි. ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපංගයේ ඇති ගීතවල ගුණාත්මක භාවය හා ශබ්දය වැඩි කිර දීමට මේ ඇප් එක සමත්. මේ ඇප් එක රන් කළ පසු එය බැක්ග්‍රවුන්ඩ් එකෙහි ධාවනය  වෙමින් ඔබ භාවිතා කරන කුමන ප්ලේයර් එකෙහිදී වුවත් අදාළ ගුණාත්මක ශබ්ධ තත්ත්වයම ගෙනදී සිදු වනවා.
Download – Google Play Store
musicvolume_eq_mini
2. Equalizer
ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ sound effect levels වෙනස් කර ගැනීමට Equalizer ඇප් එක භාවිතා කිරීමට පුළුවන්. මෙහි ඇති බෑන්ඩ් 5ක Equalizer එක වෙනස් කර විවිධ පෙර සැකසුම් සකස් කර තබාගත හැකියි. මෙහිද Bass Booster, Virtualizer සහ Reverb Presets අඩංගු වනවා.
0eus2oc5
Download – Googel Play Store
3. Bass Booster
Beta තත්ත්වයේ පවතින මේ ඇප් එක සරළ නමුත් ඵළදායී ඇප් එකක්. නමේ සඳහන් ලෙසටම ඔබගේ දුරකථනයේ ශබ්ධ වල බේස් වැඩි කරදීම මෙමගින් සිදු වෙනවා. 6 bands equalizer එකක් හා එයට අදාළ පෙර සැකසුම් 20ක්ද Bass Booster ඇප් එක සතුයි.
bass_booster_android
4. Speaker Boost
ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල ශබ්ධය මදි නම් මේ එයට විසඳුමයි.
speeker_boost_android
Download – Google Play Store
5. AnEq Equalizer
අනෙක් ඇප්ස් සේම මෙයද බෑන්ඩ් 5ක Equalizer එකක්.
6nhz39bb
Download – Google Play Store

Post a Comment

 
Top