GuidePedia

0


  ඔන්න මම අද ගේනවා windows 8/8.1 use කරන අයට වැදගත් post එකක්. සමහර අය මේකනම් දන්නවත් ඇති මේ කියල දෙන්නේ දන්නේ නැති අයට



 ඩොට්නෙට් ෆ්‍රේම්වර්ක් 3.5 Download කරලා ඉන්ස්ටෝල් කරහම සාර්ථක නොවෙන්නේ  ෆ්‍රේම්වර්ක් 3.5 පමණක් නොව ෆ්‍රේම්වර්ක් 3.0 සහ 2.0 යන දෙකම Windows 8/8.1 වලට ඕන නිසාය.

 නමුත් මේ සේරම  වින්ඩෝස්  8/8.1 DVD එකේම තියෙනවා. එහෙත් සාමාන්‍ය සැකසුම් යටතේ වින්ඩෝස් ඉන්ස්ටෝල් වෙනකොට මේවා ඉන්ටෝල් වෙන්නේ නැහැ .

ඒකනිසා මේවා වින්ඩෝස් DVD එකෙන්ම හෝ online ඉන්ටෝල් කල යුතුයි. මම අද කියල දෙන්නේ වින්ඩෝස් 8/8.1 DVD එකෙන්ම මේවා ඉන්ස්ටෝල් කරන විදිහයි.
දැන් අපි වැඩේ පටන් ගමු.

මේක කරන්න අපිට command Prompt එක Run as Administrator විදිහට Open කරන්න ඕනේ.
එකට mouse pointer එක තිරයේ දකුණු පස ඉහලට  ගෙන යන්න ඕනේ, එතකොට මේ වගේ එකක් එයි



 මේකෙන් Search තෝරලා එකේ cmd යනුවෙන් Type කරන්න






















 ඊටපස්සේ එකේ උඩ රයිට් ක්ලික් කරලා Run as Administrator කියන එක ක්ලික් කරන්න





ඊට පස්සේ Command Prompt එක ඕපන් වෙයි. එක ඕපන් උනාට පස්සේ පහල තියෙන විදානය ලබාදෙන්න . ඊට කලින් වින්ඩෝස් 8/8.1 DVD එක රොම් එකට දාන්න ඕනේ..

 විදානය දෙනකොට මේ ලකුණට ( / )  කලින් Space තියන්න... මේ විදානය එක පෙලට Type කරන්නත් ඕනේ...( Copy කරලා paste කරත් කමක් නැ.. Paste කරන කොට රයිට් ක්ලික් කරලා පේස්ට් කරන්න )



 Dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:G:\sources\sxs /LimitAccess


 මේකේ G කියල ලියල තියෙන තැන ඔයාලගේ DVD රෝම් එකේ අකුර දෙන්න

ඊටපස්සේ Enter කරන්න





















දැන් අදාල File ඉන්ස්ටෝල් වෙන්න පටන් ගනියි
ඉන්ස්ටෝල් වෙන්න ටික වෙලාවක් යයි.

සියල්ල අවසානයේ  The Operation Completed Successfully යන පණිවිඩය එයි
ඊටපස්සේ Command Prompt එක Close කරලා දන්න



 දැන් සාමාන්‍ය ආකාරයට වැඩකරගන්න පුළුවන්....

මේක ගැන Comment එකක් දාන්න අමතක කරන්න එපා....



 

Post a Comment

 
Top