GuidePedia

0
ඕන කාටත් වැදගත් වන දෙයක් හම්බවුනා. ඔයාලා ළඟ laptop එකක් තියනවද, අපි බලමු එකෙන් කොහොමද Wi-Fi Area එකක් හදාගන්නේ කියල. සාමාන්යෙන් Android Phone එකකින් නම් Portable W-Fi hotspot එකක් හදන්න පුළුවන් නේ (අලුත් ඒවගේ). එත් laptop වල එහෙම feature එකක් දීලා නැනේ. අපි බලමු එහෙනං කොහොමද කියලා එහෙම එකක් හදාගන්නේ.




මේක dos command එකකින් කරන්න පුළුවන් උනත් ඒ code එක සමහර වෙලාවට වැඩ කරන්නේ නෑ. ඒ නිසා අපි මේකට පොඩි application එකක් භාවිතා කරමු. මේක install කරගන්නත් ඕනි නෑ. නිකන් open කරග්ගන්න තියෙන්නේ. එහෙනං පහලින් download කරගන්නකො.(තත්පර 5ක් ඉදලා දකුණු පැත්තේ උඩම එන Skip Ad ක්ලික් කරන්න)





ඉස්සෙල්ලාම ඔයා dongle එක ගහලා laptop එකේ internet හදාගෙන ඉන්න. මොකද lap එකේ net තිබ්බොත් නේ ඒකෙන් අනික් ඒවාට දෙන්න පුළුවන්. දැන් Laptop එකේ Wi-Fi on කරගන්න. දැන් download කරගත්ත appilaction එක (VirtualRouterPlus.exe) open කරලා refresh කරන්න.
 දැන් ඔයා Network Name (SSID) කියන එකට කැමති name එකකුයි. Password කියන එකට කැමති password එකකුයි (අවමය අකුරු 8ක්) දීලා Start Virtual Router Plus කියන එක ඔබන්න.
 දැන් application එක minimize වෙන ගමන් ඔයා දුන්න නමින් Wi-Fi network එකක් හැදිලා ඇති. ඔයාට වෙන lap එකකින් හරි Wi-Fi තියන Phone එකකින් හරි මොකකින් හරි ගිහින් බලන්න පුළුවන්.



හොඳයි ද වැඩේ. ඔයාලගේ අදහස් comment එකකින් කියලම යන්නකෝ. පහලට ගිහින් vote එකකුත් දාලම යන්න හොඳේ....


Post a Comment

 
Top