GuidePedia

0
 








Windows ඉතින් virus අතින් ගත්තහම අලනෙ. මේ කියන්න යන්නෙත් ඒ වගේ virus ඒකක් හින්ද වෙන්න ගිය ඇබැද්දියක් ගැන. අපිට ඉතින් campus ඒකේ තියනවනෙ නානාප්‍රකාර assignments. කීයක් තිබ්බත් ඔක්ක්කොම කරන්න මතක් වෙන්නෙ අන්තිම මොහොතෙ තමයි.

වෙනද වගේම කලින් දවසෙ රෑ දඩ බඩ ගාල assignment එක ඉවර කරල pen drive එකට දාගත්ත copy එකක්. පහුවදා උදේ lab එකට ගියා upload කරන්න කියල හිතාගන. ගිහිල්ල pen එක ගහපුවාම ඒකෙ තිබිච්ච එක folder එකකටවත් වෙච්ච දෙයක් නෑ. මගෙ assignment එක තිබුනෙත් folder එකක් ඇතුලෙ. මට හොඳටම sure මම කලින් දවසෙ ඒක pen එකට දැම්ම කියලත්.



Virus වල රාජකාරි දන්න හින්ද මට තේරුනා එහෙම වෙච්ච වැඩක් තමයි කියල. කෝකටත් කියල Folder Option යන්න බලද්දි ඒ option එකත් අතුරු දහන්. අහල පහල තිබ්බ computer වලත් Folder Option අතුරුදහන්. එව්වත් ඉතින් virus වල වැඩම තමයි. මෙව්වගෙ admin බලතලත් අපිට නැති එකේ Folder Option ගොඩ දාන එක පැත්තකින් තියල මම a
ssignment එක ගොඩ ගන්න විදිහක් කල්පනා කෙරුව, මොකද දැන්ම upload කලේ නැත්නම් late submission, එහෙම වෙලා හම්බෙන ලකුණු ටිකෙනුත් තව කීයක් හරි කැපුනොත් ඉතුරු වෙන්න දෙයක් නෑ. ඔහොම කල්පනා කරනකොට තමයි මට මතක් උනේ "attrib" command එක. ඒ command එකෙන් අපිට පුලුවන් Command Prompt පාවිච්චි කරල files සහ folders වල උපලක්ෂණ (attributes) වෙනස් කරන්න. මෙහෙමයි කරන පිළිවෙල,

Command Prompt එක open කරගන පහල තියන command ටික එකින් එක දෙන්න. මෙතන මම උපකල්පනය කරල තියනව pen එකේ letter එක "G" කියල ( දෙවෙනි පේළිය ), එතනට දෙන්න ඕන ඔයාගෙ pen එකට දැනට පෙන්ව
න letter එක.




cd\
G:
attrib -r -s -h /s /d

වැඩේ ඉවර වෙලා බලද්දි මෙන්න අර හැන්ගිලා තිබිච්ච folders ටික උඩට ඇවිල්ල. මම දඩ බඩ ගාල assignment එක upload කරල දැම්ම, නැත්නම් ඉතින් sorry තමයි. මේ වැඩේ ඉතින් හැමදාමත් කරන්න බෑනෙ, අනික සමහර computers වල Command Prompt එකත් අල. ඒක හින්ද මම හදාගත්ත .bat file එකක්. ඒක pen එකේ දාල තියාගත්තහම folders hide වෙලානම් .bat file එක double click කරන්න විතරයි තියෙන්නෙ. මෙහෙමයි bat file එක හදාගන්න පිළිවෙල,

1. මුලින්ම අලුත් Text Document එකක් හදාගන්න, ඒකට මේ පහල තියන පේළි ටික paste කරල save කරගන්න.

@echo Searching for hidden files...
@attrib -r -s -h /s /d
@echo All Done
@pause



2. ඊට පස්සෙ අග තියන .txt කියන එක .bat විදිහට වෙනස් කරන්න. දැන් හදා ගත්තු file එකේ copy එකක් pen එකේ folders වලින් පිට තියා ගන්න. එතකොට කොයි වෙලේ හරි folders hide උනොත් ලේසියෙන්ම ගොඩ ගන්න පුලුවන්.



මටනම් මේක ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනව. මොකද ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ lab එකේ හින්ද virus වලින් නිතරම pen එකට කරදර හිරිහැර වෙනව. මම හිතනව ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියල. එහෙනම් ඉතින් මේ සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !
(මේක අපේ අයියා කෙනෙක් කියපු එකක්.. ;))

Post a Comment

 
Top