GuidePedia

0



මන් මේ පොස්ටුව දාන්න ගොඩක්ම හේතුව තමයි ගොඩක් කස්ටිය අහන දෙයක් තමා
 "මචං rom එකක් ගහන්නේ කොහොමද / අඩේ 4න් එකට හොද rom එකක් දියන්කෝ " කියලා...




ඉතින් අපි බලමු මොනාද මේ custom rom කියන්නේ කියලා

මෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර නමුත් මෙය සංවර්ධනය කර ඇත්තේ තුන්වන පාර්ශවයක් විසිනි(Omni rom,Carbon rom, Cyanogenmod,AOKP,Slim rom) ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේත (Open Source) මෙහෙයුම් පද්ධතියක් නිසා මෘදුකාංග සංවර්ධකයින්ට ස්ටොක් රොම් එකක් රැගෙන වෙනස් කම් කර සැකසිය හැකියි. මෙසේ නැවතත් සැකසන ලද සංස්කරණයක් Custom ROM එකක් ලෙස හැඳින්වේ. එමෙන්ම මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනු ලැබේ.

අපි ඇයි මේ custom rom දාගන්න ඕනි ඇයි එක මෙච්චර විශේෂ?

මේක ගැන අහන කෙනෙකුට දෙන්න පුළුවන් හොදම උදාහරණයක් තමා korean samsung 4න් එකක් තියන එක්කෙනක්  මුන දෙන ගැටළුවක් තමා korean apps,sms limits වගේ බොහෝ අව්ල් වලට ඒ 4න් ගත්ත අය මුහුණ දෙනවා,ඉතින් අපිට පුලුවන් මේ custom rom එකක් මගින් එම ගැටලුවට පහසුවෙන් පිළිතුරු සැපයීමට,තව අපි ගන්නකොට 4න් එක හැමෝටම පොදුවෙනේ හදන්නේ ඉතින් batterya එහෙම ඉක්මනට බහිනවනේ,මේ rom එකක් තමන්ට ගැලපෙන්න දාගත්තාම මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුලුවන්,තව මෙමගින් 4න් එක speed වෙනවා වගේම smooth වෙනවා,(හැම rom එකම එහෙම නෙමේ හොදේ සමහර ඒවා හද්ද චාටර්)එත් විශේෂත්වය වන්නේ අපේ bugs එයාලට කියලා ඒවා fix කරන්න updates ලබාදෙනවා,තව ඔබේ දුරකථනය ට නිකුත් කර නොමැති, ඒ වගේම කවදාවත් නිකුත් නොකිරීමට ඉඩ තියන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ මෙමගින් ස්ථාපනය කල හැකියි.

අපි දැන් බලමු මේවා භාවිතා කිරීමේදී ඇති වන අවාසි මොනවද කියලා

අපි rom එක ෆ්ලෑෂ් කරනකොට batterya බැහැල ගියොත්,data cable එක disconnect උනොත් කරන්ට් එක ගියොත් එහෙම බොහෝ විට 4න් එකට sorry.com තමා එත් වාසනාවට එහෙම වෙන ප්‍රතිශතය බොහෝ අඩුයි.ඒ වගේම දුරකතනයට ලබා දී ඇති වගකීම මෙමගින් අහෝසි වෙනවා,තව අපේ contacts,sms,call ලෝග්ස් එහෙම delete වෙනවා,තව එක එක ගැටළු පැන නගිනවා මේවගෙන් (os එකේ ප්‍රශ්න)



මන් හිතනවා මෙමගින් ඔයාලට යම්කිසි දැනුමක්ගන්න ඇති කියලා,
එහෙනම් මන් ගියා.... ජයවේවා.....








Post a Comment

 
Top