ඔයා දන්නවනේ ලන්කාවට Paypal සල්ලි ගන්න ගියාම ප්‍රශ්ණ තියෙනවා කියලා.. ඒ නිසා කැමතිද ඒ සල්ලි වලින් යාලුවොන්ට රී ලෝඩ් (Reload) දාලා සල්ලි හොයන්න.. මේකත් ඉතින් නරකම නෑනේ... මේ කියන්න යන්නේ ඒ කොහොමද කියලා...
මම අද කියන්න යන්නේ Paypal වල තියෙන මුදල් එසැනින් ඔබගේ ජංගම දුරකථනයට Reload එකක් විදියට ගන්න විදිය.
ඔබ භාවිතා කරන්නේ Mobitel, Dialog, Hutch , Etisalat , Airtel … එය කුමක් උනත් ගැටලුවක් නොවේ.
ඔබ ඉහත රූපයෙන් දකින් නේ අපට අවශ්‍ය කරන වෙබ් අඩවියයි. Click Here
Reload එකක් මිලදී ගන්නා ආකාරය පහත දැක්වේ.
01. ඔබගේ නිවැරදි විස්තර සපයා Sign-up වෙන්න.
02. E-mail address හා password එක ලබා දී Sign-up වෙන්න.
03. ඉන් පසු Home මෙනුවට ගොස් ( Mobitel, Dialog, Hutch , Etisalat , Airtel ) ඔබගේ ජංගම දුරකථන අංකය අතුළත් කර Currency Type එක තෝරන්න.( Us dollar රුපියල් ද ආදී වශයෙන් ) Amount එක ඇතුළත් කරන්න.
04. Reload Now මත Click කරන්න .
( ඔබගේ දුරකථන අංකය නිවැරදිදැයි කිහිප වරක් පරීක්ෂා කර බලන්නග)
05. Payment Method එක විදියට Paypal තෝරා Proceed to Checkout Click කරන්න.
06. මෙහිදි ඔබගේ ගණ දෙනුවේ විස්තර දැක්වේ .
07. මෙහිදි ඔබගේ ගණදෙනුව තහවුරු කළ යුතුයි. ඔබ Reload කරන සෑම Reload එකක් සඳහාම $0.40 හා Reload කරන මුදලින් 1% ක් පමණ Paypal fee වශයෙන් ගෙවිය යුතුයි. එම නිසා රුපියල් 250කට වැඩි ගණනක් එකවර Reload කිරීම වඩාත් සුදුසුයි.
රු 50 ක් Reload කිරීමේදී රු 90 ක් පමණ ගෙවීමට සිදුවේ.
රු 1000ක් Reload කිරීමේදී රු 1070 ක් පමණ ගෙවීමට සිදුවේ.
ගණදෙනුව අවසන් වු පසු ඔබගේ ජංගම දුරකථනයට එසැනින් මුදල් ලැබේ.
http://trickslanthaya.blogspot.com/2014/10/paypal-account-verify-paypal.htmlමා සිතන පරිදි නවක අන්තර්ජාලයෙන් මුදල් උපයන්නන් හට මෙම ක්‍රමය තුළින් හිතවතුන්ට හා මිතුරන්ට Reloads විකිනීම තුළින් Paypal මුදල් තම අතට ගැනීමට හැකි වේ.
ඔබට සුබ දවසක් ...!!
Post a Comment