GuidePedia

1

 
ආයුබෝවන් සුබ දවසක් Tricks ලන්තය එක්ක එකතුවෙලා ඉන්න සියළුම දෙනාටම
Computer hardware සිංහලෙන් ඉගෙනගමු දෙවෙනි පාඩම ඔයාලගෙ දැනුම වර්ධනය වෙනුවෙන් අද ඉදිරිපත්කරනවා. පසු ගිය පාඩම අපි නතර කලේ power supply වලින් අද එතැන් සිට ඉදිරියට.
අද අපි අභයන්තර පරිගණක උපාංග හා ඒවායේ කාර්යභාරය හදුනාගමු.
internal components

මේ යටතේ අපි කතා කරනවා පහත සඳහන් අභ්‍යන්තර උපාංග( internal components) ගැන
motherboards.
CPUs.
cooling systems.
ROM and RAM..
motherboard(ප්‍රධාන පරිපත පුවරුව)
පරිගණකය තුල අඩංගු විවිධ උපාංගයන්හී දත්ත හුවමාරු මාර්ග buses හා විදුලි සැපයුම් මාර්ග වලින් සමන්විත ප්‍රධාන මුද්‍රිත පුවරුව අපි මදර්බෝර්ඩ් එක විදිහට හදුන්වනවා system board, backplane, main board , යන නම්වලිනුත් මේ මදර්බෝර්ඩ් එක හදුන්වනු ලබනවා.
central processing unit (CPU), RAM, expansion slots, heat sink/fan assembly, BIOS chip, chipset,internal and external connectors, යන දේවල් මෙම ප්‍රධාන පරිපථ පුවරුව තුල අඩංගු වනවා. මදර්බෝර්ඩ් එකෙහි හැඩය හා ප්‍රමාණයත් මදර්බෝඩ් එකට වෙනම සම්බන්ද  කලයුතු උපාංග සවිකිරීම කලයුත්තේ (උදා: power supply,vga card) කුමන ආකාරයේ ඒවාද යන්නත් හදුනා ගැනීම සඳහා අපට මදර්බෝර්ඩ් එකෙහි නිෂ්පාදන ආකෘතිය form factor අවශ්‍ය වෙනවා මදර්බෝරඩ් form factor සමබන්දව ඔබට පහතින් බලන්න පුළුවන්.


මෙයින් අප බහුලව භාවිතා කරන මදර්බෝර්ඩ් අයත් වන්නේ ATX කියන form factor එකට මෙම වර්ගයේ විශේෂ ලක්ෂණයක් තමයි බලසැපයුම් ඒකකය මගින් මදර්බෝරඩ් එකට විදුලි බලය සැපයුම ආරම්භ කිරීම හා විසන්දි කිරීම සිදුකරනු ලබන්නේ මදර්බෝර්ඩ් එකෙන් ලබා දෙන ශංඥාවකට අනුව පමණක් වීම.
මදර්බෝර්ඩ් එකෙහි ඇති වැදගත්ම උපාංගය ලෙස සැලකෙන්නේ මෙහි අන්තර්ගත  chipset ලෙස හදුන්වන ප්‍රධාන සංගෘහිත පරිපථ(IC) දෙකයි පද්ධතිය තුල අඩංගු විවිධ දෘඩාංග cpu හෙවත් මධ්‍යම සැකසුම් ඒකකය (අපි දන්න විදිහට ප්‍රොසෙසරය) හා ප්‍රධාන පරිපථ පුවරුව සමග අනයෝන්ය, සම්බන්ධය( interacts) පවත්වාගැනීම  හා ඒවා පාළනය කිරීම සුදුකරනු ලබන්නේ මෙම Chipset මගිනුයි  CPU හෙවත් ප්‍රොසෙසරය මදර්බෝර්ඩ් එකෙහි ඇති slot / socket/pin ආධාරයෙන් මදර්බෝර්ඩ් එකට සවිකිරීම සිදුකරන අතර බෝර්ඩ් එකෙහි ඇති socket/pin ප්‍රමාණය අනුව සවිකල යුත්තේ කුමන වර්ගයේ ප්‍රොසෙසරයක්ද කියන එක අප විසින් හදුනාගතයුතු වෙනවා.
ATX මදර්බෝර්ඩ්

Chipset මගින් ප්‍රොසෙසරයට අවස්ථාව සලසනවා,නැතිනම් සහයෝගය ලබාදෙනවා පරිගණකයේ අනෙකුත් උපාංග සමග සන්නිවේදනය හා අන්තර් සම්බන්දතාවය පවත්වා ගැනීමටත් RAM, hard disk drives, video cards හා පද්ධති මතකය මෙන්ම පරිගණකය හා සම්බන්ද භාහිර උපාංග (උදා:printer,fax machine) සමග දත්ත සම්ප්‍රේශණය සඳහාත්,ඒ වගේම නිවැරදි ක්‍රියාකාරිත්වය සඳහා මදර්බෝර්ඩ් එකට එකතු කලයුතු memory ය කොතරම්ද කියන එක තහවුරු කිරීමත් සිදුවන්නේ මේ Chipset මගින් මදර්බෝරඩ් එකෙහි ඇතුලත් වන කනෙක්ටර් වර්ග  සම්බන්දව තහවුරු කිරීමත් Chipset වලම කාර්යභාරයක්.





සැමවිටම වගේ Chipset පැහැදිලිවම දෙකොටසකට බෙදී පවතිනවා Northbridge සහ Southbridge විදිහට පොදුවේ Northbridge මගින් RAM, video card හා CPU පාළනය සිදුකරන අතර RAM, video card වලට කවර වේගයකින් CPU එක හා සන්නිවේදනය කල හැකිද යන්න පාළනය කිරීමත්(fsb)  Northbridge Chipset එකෙහි කාර්යක්. hard drives, sound card, USB ports, හා අනෙකුත් I/O ports සම්බන්දව පවතින්නේ Southbridge Chipset එක සමග එබැවින් CPU එක හා අදාල උපාංග සමග සිදුවන සන්නිවේදනය පාළනය කරනු ලබන්නේ Southbridge මගින් මේ ගැන ඔයාලට තවත් පැහැදිලි වෙයි පහත රූප සටහනෙන්.


මධ්‍යම සැකසුම් ඒකකය(central processing unit)
මධ්‍යම සැපයුම් ඒකකය එහෙම නැත්නම් CPU එක තමා පරිගණක පද්ධතියක ඉතාම වැදගත් උපාංගය මක්නිසාද යත් මෙය තමයි පරිගණකයේ මොලය විදිහට අපට සළකන්න වෙන්නේ ඉතින් අපෙත් වැදගත්ම අවයවය මොළයනේ ඒ වගේමයි පරිගණකයේත්,cpu හෙවත් ප්‍රොසෙසර් වලත් එකිනෙකට වෙනස් නිෂ්පාදන ආකෘති (form factor) පවතිනවා මේ එක් එක් එවායෙහි පවතින slot හෝ socket අනුව මදර්බෝර්ඩ් එක සමග ගැලපීමක් කලයුතු වෙනවා.
ප්‍රධාන වශයෙන් cpu වෙළඳනාම වර්ග දෙකක් අපිට දකින්න පුළුවන් ඒ intel හා amd විදිහට,cpu socket/slot යනුවෙන් හදුන්වන්නේ මේවායෙහි සම්බන්ධක අග්‍ර මේවා ප්‍රොසෙසරයේ හා මදර්බෝරඩ් එකේ මුහුනතේ දතින්න පුළුවන් පහත ආකාරයට
png ප්‍රොසෙසර්යක්
 
cpu සොකට්  වර්ග දෙකකින් අපිට දකින්න පුළුවන් එනම් pga (pin grid array) මෙම වර්ගයේ socket නැතිනම් pin පිහිටන්නේ ප්‍රොසෙසරයේ වන අතර මෙම පින් මදර්බෝර්ඩ් එකෙහි ඇති ප්‍රොසෙසර්( slot )සිදුරු තුලට ඇතුළුකිරීමෙන් ප්‍රොසෙසරය මදර්බෝරඩ් එක සමග සම්බන්ද කල යුතු වෙනවා අනෙක් ප්‍රොසෙසර් වර්ගය වන්නේ lga (land grid array) මෙහිදී ඉහත ආකාරය ප්‍රතිවිරුද්ධ අතට ක්‍රියා කරනවා එනම් මෙම වර්ගයේ socket නැතිනම් pin පිහිටන්නේ මදර්බෝර්ඩ් එක තුලයි slot පිහිටන්නේ ප්‍රොසෙසරය තුලයි හැබැයි ප්‍රොසෙසරය තුල නෙරා ආ පැහැදිලි slot දකින්න නෑ,අද භාවිතා කරන පරිගණක බහුතරයක භාවිතා වන්නේ මෙම lga layout ආකාරයේ ප්‍රොසෙසර්,cpu socket ගැන පහත පින්තූරය බලල ඔයාලට දැනගන්න පුළුවන්

lga ප්‍රොසෙසර්යක්





ප්‍රොසෙසරයේ වැඩසටහන් ක්‍රියාත්මක් කිරීමේ පිළිවෙල කුමන ආකාරයෙන් සිදුවිය යුතුද යන්න අඩංගු වන්නේ ප්‍රොසෙසරයේ අන්තර්ගත උපදෙස්/විධන  instructions අනුවයි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී දත්ත කොටස් කුමන ප්‍රමාණයක් ප්‍රොසෙසරය මගින් processing කරනවාද කියන එක මේ  instruction set  මගින් තීරණය වන අතර ක්‍රියාත්මක වැඩසටහනේ එක් කොටසක් සෘජුව මෙම  instruction set  හරහා පාළනය සිදුකරනවා ඉතිරි දත්ත හා ක්‍රියාත්මක උපදෙස්/විධාන තැන්පත්ව ඇත්තේ විශේෂ මතකයක් තුලයි මෙය අප හදුන්වනවා cache memory එක විදිහට ප්‍රොසෙසරයේ cache memory එක වැඩිනම් එහි ක්‍රියාකාරි වේගය වැඩියි එක් එක් ප්‍රොසෙසර් වල යොදාගන්නා instruction set වර්ග දෙකක් වෙනවා

Reduced Instruction Set Computer (RISC) හා Complex Instruction Set Computer (CISC) ලෙස
මෙයින් RISK වර්ගයේදී යොදා ගන්නේ එකිනෙක සම්බන්දිත  Instruction Set සමූහයක් මේ නිසා වේගවත් ක්‍රියාකාරිත්වයකට ඉඩ සලසනවා CISC වර්ගයේදී වඩාත් පැතිරුනු Instruction Set යොදාගන්නා අතර මෙහි ක්‍රියාකාරිත්වය පියවරෙන් පියවරට සිදුවන්නක් 32 bit හා 64 bit විදිහට ප්‍රොසෙසර් ආර්කිටෙක්චර් දෙකක් අපට හමුවන අතර මේ bit අගයත් Instruction Set එක්ක බැදී පවතින්නක්.

ප්‍රොසෙසරයේ දත්ත සැකසුම් වේගය රදාපවතින්නේ එහි වේගවත්භාවය මත මෙහි වේගය මනිනු ලබන්නේ තත්පරයට වට විදිහට එනම් තත්පරයට වට මිලියනයකින් යුතුනම් එය හදුන්වනවා MHZ කියන සංකේතයෙන් තත්පරයට වට බිලියනයක්නම් එය GHZ කියන සංකේතයෙන් හදුන්වනවා ප්‍රොසෙසරය මගින් එකවරකට කොතරම් දත්ත  ප්‍රමාණයක් සැකසුම් කරනවාද කියන එක එහි processor data bus speed (FSB) කියන දේ මතයි රදාපවතින්නේ data bus width එක වැඩිනම් අනිවාර්යෙන්ම එය වේගවත් ප්‍රොසෙසරයක්.
සමහර ‍ප්‍රොසෙසර්වල පවතින Overclocking කියන තාක්‍ෂණික ක්‍රමය භාවිතා කරල අපිට ප්‍රොසෙසරයේ ක්‍රියාකාරිත්වය වැඩිකරන්න පුළුවන් හැබැයි මේ නිසා ප්‍රොසෙසරය විනාශ විය හැකියි.අපිට දකින්න පුළුවන් ප්‍රොසෙසර්වල තවත් ආකාරයේ බෙදීම් දෙකක් ඒ Single Core CPU හා multiple Core CPU විදිහට multiple Core CPU ‍ ප්‍රොසෙසර් ගැන පහතින් බලන්න.


මේ multiple Core ප්‍රොසෙසරයට හොදම උදාහරණ තමා අපි සුලභව භාවිතා කරන duel core හා core 2 duo ප්‍රොසෙසර්

සිසිලන පද්ධති (cooling systems)
පොදුවේ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ඕනෑම උපකරණයකින් තාපය මුදාහරිනවා කියන එක අපි දන්න දෙයක් මේ කරුණ පරිගණක උපාංග වලටත් එසේම වලංගුයි පරිගණකයේ උපාංග හරහා විදුලිය ගලායෑමේදී සිදුවන අතුරුථලයක් විදිහට උපාංගයෙන් තාපය මුදාහැරීම සිදුවනවා,පරිගණකයේ සිසිලන පද්ධතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන්නේනම් එහි ක්‍රියාකාරිතවය ඉතා මන්දගාමි වනවා කෙසේ වුවත් මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් අධික තාපය හේතුකොටගෙන උපාංගය අධිකව රත්වීමෙන් අනිවාර්යෙන්ම අදාල උපාංගය විනාශ වෙනවා එහි ක්‍රියාකාරිත්වය ඇනහිටිනවා ඉතින් මේක වලක්වා ගන්න අපි යොදාගන්නවා සිසිලන පද්ධති (cooling systems) පරිගණකයේ ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළවන් cpu cooling fan හා case fan මෙයින් cpu cooling fan එක ඉතා වැදගත් වගේම එහි සැකැස්මත් තරමක් වෙනස් මෙහිදී fan එක සවිකර තිබෙන්නේ heat sink හෙවක් සියුම් ලෝහ සැකැස්මක් මත මේ සඳහා වැඩිපුරම භාවිතා වන්නේ ඇලුමිනියම් හා තඹ යන ලෝහ වර්ග දෙක


මෙම ලොහ සැකැස්ම ප්‍රොසෙසරයේ භාහිර ලෝහ ආවරණය සමග හොදින් සමබන්දව ඇති අතර ප්‍රොසෙසරය මගින් පිටවන තාපය මෙම ලොහ සැකැස්මට උරාගත් පසු එය මත රදවා ඇති පෑන් එක මගින් එම තාපය පිටතට මුදා හරනු ලබනවා,කෙසේ වුවත් මේ ක්‍රියාවලිය පමණක් ප්‍රමාණවත් නොවන්නේ පරිගණකයේ අනෙකුත් උපාංග වලිනුත් සැලකිය යුතු තාප ප්‍රමාණයක් පිටකිරීම හා cpu පෑන් එක මගින් පිටකරන තාපයද ක්‍ෂණිකව භාහිර පරිසරයට මුදා නොහැරීම

එම නිසා අපට case fan භාවිතා කිරීමට සිදුවනවා ආවරණය ඇතුලත රැස්වන තාපය බාහිර පරිසරයට මුදාහැර සිසිලන කාර්ය ඉතා හොදින් පවත්වා ගැනීමට,ඔබ මතක තබා ගතයුතු කරුණ වන්නේ පරිගණකයක නිසි ක්‍රියාකාරිත්වයට මෙම පෑන් දෙක ඉතා අත්‍යවශයයි වගේම ඒවා නිසි ක්‍රියාකාරිත්වයෙන් පවත්වාගත යුතුයි කියන එක.මෙයට අමතරව ග්‍රැපික් කාර්ඩ් නැත්නම් vga card වල වෙනමම පෑන් යොදා තිබෙනවා එහි සිසිලන කාර්ය සඳහා මේවා නිසි ආකාරයෙන් නඩත්තු කරන්නේ කෙහොමද කියන එක ඉදිරි පාඩම් වලින් ඔයාලට බලාගන්න පුළුවන්.






ROM and RAM
ROM
Read-only memory (ROM) යනු පරිගණකයේ භාවිතා වන චිප් විශේෂයක් cd/dvd Rom විදිහට හැදින්වුවත් මෙතනදි කියවෙන්නේ පරිගණකයේ මදර්බෝරඩ් එකෙහි සවිකර ඇති rom chips ගැනයි මූලිකව පරිගණකය පණගැන්වීම හා මෙහෙයුම් පද්ධතිය පණගැන්වීම සිදුවන්නේ මෙම rom chips ගබඩාකර ඇති උපදෙස්/විධාන අනුවයි.මේවායෙහි ගබඩාකර ඇති දත්තවල සැකසුම පරිගණකයේ බලසැපයුම නවකා දැමීමෙන්
මුල් සැකැස්මට පැමිණෙයි(මෙහිදී අදහස් කරනුයේ ප්‍රධන විදුලි බලය නොව මදර්බෝරඩ් එකට cmos බැටරිය මගින් ලබා දී ඇති බලසැපයුමයි)  නමුත් එවායෙහි පවත්නා දත්ත කිසිවිටෙකත් වෙනස් කිරීම හෝ මකා දැමිම කල නොහැකියි.මේවා සම්බන්ද වැඩිදුර අවබෝධය සඳහා පහත වගුව බලන්න.






RAM

RAM (Random access memory)   ප්‍රොසෙසරය සමග හුවමාරු වන දත්ත තාවතාලිකව ගබඩා වන මාධය තමයි අපි ram එක විදිහට හදුන්වන්නේ මෙහි තැන්පත්වන මතකය කිසි ලෙසකින්වත් ස්තිරව නොපවතින අතර අප විසින් පරිගණකයේ ක්‍රියාකාරිත්වය නවතා දැමු සැනින් මෙහි ඇති දත්ත මැකී යනවා පරිගණකයට වැඩි ධාරිතාවක ram යෙදීම තුලින් එහි ක්‍රියාකාරි වේගය මෙන්ම විශාල වැඩසටහන් භාවිතා කිරීමේ හැකියාවත් ඉහල යනවා  RAM සම්බන්දව වැඩිදුර තොරතුරු පහත වගුවෙන් බලන්න.  




අපිට තව අභ්‍යන්තර උපාංග( internal components) කිහිපයක් ගැන ඉගෙනගන්න තියනවා ඒ පහත සඳහන්




adapter cards
storage drives 
internal cables
යන දේවල් ගැන මේ දේවල් දීර්ගව කතාකලයුතු නිසා ඒ ටික මීලග පාඩමෙන් ඉගෙනගමු.
එහෙමනං මේ ලිපියෙනුත් ඔයාලගේ දැනුමට යමක් අළුතෙන් එකතුවෙයි කියල මම හිතනවා ගැටළු අඩුපාඩු තිබුනොත් ඉදිරිපත්කරන්න ,,මීලග පාඩමෙන් හමුවෙමු.



Comment එකක් දාන්න අමතක කරන්න එපා!!!!!!!!--...

Post a Comment

  1. වැදගත්... !!!ස්තුතියි.. !!!👍👍👍👍👍🙂🙂🙂🙂🙂🙂

    ReplyDelete

 
Top